බාන්ඩ ලබාදීම 1

 

ජනාධිපති කාර්‍යසාධක බලකායේ උපදෙස් මත කලුතර දිස්ත්‍රික්කයේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය පරිත්‍යාගයෙන් Asia Lnka ආයතනයේ සම්බන්ධීකරණයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාස 26ක් සදහා වියලි ආහාර ,සනීපාරක්ෂක උපකරණ හා භාණ්ඩ ලබාදීම අද දින සිදුවිය.
එහි ප්‍රථම වැඩසටහන ලෙස ගල්පාත සුඛිත ළමා නිවාසයෙන් ආරම්භ කරන ලදී.ඒ සදහා කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මිය, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්, මිල්ලනිය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන් සහභාගි විය. මෙහි සම්බන්ධීකරණය දිස්ත්‍රික් ළමා හිමිකම් නිලධාරීතුමිය විසින් සිදු කෙරිණ.

 

බාන්ඩ ලබාදීම

එන්නත් ලබාදීම

 

2021/07/10 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ සහ කලුතර දිස්ත්‍රික් කැබිනට් අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව රැස්විය.
2021/07/10 දිනය වන විට කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 53% ක පමණ පිරිසකට එන්නත්කරණය සිදු කර අවසන් කර ඇත. 2021/07/12 සිට නව මාත්‍රා එන්නත් කර අවසන් කිරීමෙන් පසු එය 70%ක් දක්වා ඉහල යනු ඇත.සියලු ජනතාව වෙත ඉතා ඉක්මනින් එන්නත් ලබාදීමටත් නිවරදි ක්‍රමවේද ඔස්සේ සියලුම අංශ ක්‍රියාත්මක වීමටත් ඒවා නිරීක්ෂණය කිරීමටත් අවධානය යොමු විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා, කලුතර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල මැතිතුමා, අනූප පැස්කුවෙල් මැතිතුමා, සෞඛ්‍ය අංශ නිළධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

එන්නත් ලබාදීම 2

වෛධ්‍ය උපකරණ බෙදා දීම1

 

සුචී බෞද්ධ සහන සේවා පදනම මගින් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් වෙත වෛද්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් 2021.07.06 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැති අතර එහිදී නිව් චැටල් වතු රෝහල,ගීකියන කන්ද වතු රෝහල,නෑබඩ,ගල්පාත,බුලත්සිංහල යන ප්‍රාදේශීය රෝහල් වල කොවිඩ් රෝගීන් සදහා අවශ්‍ය වන රෝහල් උපකරණ සංකේතාත්මකව බෙදා දෙන ලදී.
මෙම අවස්ථාව සදහා කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා එසේම කලුතර ප්‍රධාන වෛද්‍ය නිලධාරී උදය රත්නායක මහතා,සුචී බෞද්ධ සහන සේවා පදනමේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක අරෝශ් පරණවිතාන මහතා සහ නිලධාරීන් පිරිසක් එක් විය.

 

වෛධ්‍ය උපකරණ බෙදා දීම2

අධයාපන රැස්වීම 1

 

කලුතර දිස්ත්‍රික්කයේ ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කල රැස්වීමක් රාජ්‍ය නොවන සංවිධාන වල සහභාගිත්වයෙන් 2021/07/07 වන දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මිය ,මතුගම කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි විය.
අධ්‍යාපන අවශ්‍යතා මොනවාද යන්න දැනුවත් කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටියහ.
අධ්‍යාපන අවශ්‍යතා අවශ්‍ය අය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතා දැනුවත් කරන්න...

 

අධ්‍යාපන රැස්වීම 2

වියලි ආහාර බෙදා දීම 1

 

2021/06/28 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත පොසොන් පොහොය නිමිති කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක කරන්නට යෙදුන අඩුආදායම් ලාභි පුද්ගලයන් සඳහා වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනට සමගාමීව කළුතර දිස්ත්‍රික්කය පුරා අඩුආදායම් ලාභි පුද්ගලයන් සඳහා වියලි ආහාර බෙදා දීමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා වෙත ලබා දීම සුරාබදු නිලධාරීන් අතින් සිදු විය.අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මිය, සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතා,කළුතර සුරාබදු අධිකාරී රොශාන් පෙරේරා මහතා,සුරාබදු අධිකාරී සුමිත් චන්ද්‍රකුමාර මහතා (නිෂ්පාදනාගාර අලුත්ගම) ඇතුළු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.මේ සඳහා දායකත්වය සපයන ලද්දේ කළුතර දිස්ත්‍රික්කයේ සියළුම සුරාබදු ස්ථානාධිපතිවරුන්,පරීක්ෂකවරුන් හා නියාමකවරුන් ඇතුළු සියලුම සුරාබදු නිළධාරීන් විසිනි

 

වියලි ආහාර බෙදා දීම 2 වියලි ආහාර බෙදා දීම 3