සමෘද්ධි අංශයේ ප්‍රගතිය
01. සමෘද්ධි සහනාධාර ලබාදීම
කළුතර දිස්ත්‍රික්කය තුල සිටින මුළු පවුල් සංඛ්‍යාව 302107 ක් වන අතර ඒ අතුරින් දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 59306 ක් මාසිකව ප්රතිලාභ ලබයි. ඒ අනුව 2018 වර්ෂයේ ජනවාරි දෙසැම්බර් රු. 1610,447,640/- ක මුදලක් දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා නිදහස් කර ඇත. ඒ අනුව සාමාජික සංඛ්‍යාව පදනම් කරගෙන සහනාධාර දීමනාව පහත පරිදි බෙදී යනු ඇත.
| පවුලේ සාමාජික සංඛ්‍යාව | මුදල (රු) |
| 04 හෝ 04 ට වැඩි | රු. 3500 |
| 03 නම් | රු. 2500 |
| 03 ට අඩු නම් | රු. 1500 |
| සවිබල ගැන්වුණු පවුල් | රු. 420 |
වසර2030 වනවිට දුගීබවෙන් තොර සවිබල ගැනුවූ සමෘද්ධිමත් පිරිසක් බිහි කිරීම සහා 2018 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනයටතේ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක විය. ඒ අතර ආර්ථික සවිබල ගැන්වීම් හා සංවර්ධන වැඩසටහන හා අරුණළු වැඩසටහන් ව්‍යවසාය සංවර්ධන පුහුණු හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් ඒ අතර ප්‍රධාන වේ
02. සමාජ සංවර්ධන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 ආවරණයවන පරිදි දිස්ත්‍රික්කය තුල හදුනාගත් විශේෂිත සමාජ සංවර්ධන වැඩසටහන් රාශියක් මේ වසර තුල ද ක්‍රියාත්මක විය. එහිදී රජයේ මූල්‍යාධාර යටතේ මත් ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය හා සතුටු පවුල් වැඩසටහන උපදේශන වැඩසටහන් හා සමෘද්ධි කැකුළු ළමා සමාජ හා සංස්කෘතික වැඩසටහන් මෙන්ම දිරිය පියස නිවාස වැඩටසහන් ඒ අතර ප්‍රමුඛත්වය ගනී. විශේෂයෙන් නිවාස නොමැති වැන්දඹු පවුල් අතුළු අසරණ ප්‍රජාව වෙනුවෙන් නිවාස ඉදිකරදීම සදහා මෙහිදී වැඩි දායකත්වයක් ලබාදේ.
2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් යටතේ පහත සදහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
|
වැඩසටහන |
අනුමත මුදල රු. මිලි. |
වියදම් කළ මුදල |
නිමි ව්‍යාපෘති සංඛ්‍යාව |
|
කෘෂිකර්ම සංවර්ධන |
3.5 |
14.34 |
598 |
|
සත්ව පාලන |
0.78 |
||
|
ධීවර සංවර්ධන |
0.09 |
||
|
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන |
14.36 |
||
|
රැකියා අභිමුඛ වෘත්තිය පුහුණු |
0.05 |
||
|
ආදර්ශ ගෙවතු සංවර්ධන වැඩසටහන |
5.49 |
0.41 |
116 |
|
2018 සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන |
3.98 |
||
|
විශේෂ ව්‍යාපෘති වැඩසටහන |
1.22 |
0.43 |
17 |
|
මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය / ගෘහ කලමනාකරණය හා සතුටු පවුල් වැඩසටහන |
0.42 |
0.06 |
02 |
|
උපදේශන වැඩසටහන |
0.35 |
0.15 |
06 |
|
සමෘද්ධි කැකුළු ළමා සමාජ හා සංස්කෘතික වැඩසටහන |
0.67 |
0.50 |
46 |
|
දිරිය පියස නිවාස වැඩසටහන |
6.4 |
6.40 |
33 |
|
අළෙවි යටිතල පහසුකම් සංවර්ධන |
2.80 |
1.57 |
85 |
|
පුහුණු වැඩසටහන |
0.70 |
0.51 |
28 |
|
නව ව්‍යාවසායකයින් හදුන්වා දීමේ පුහුණු වැඩසටහන |
1.40 |
0.15 |
04 |
03. සමාජ ආරක්ෂණ
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල සදහා සමෘද්ධි ප්රතිලාභීන්ගෙන් මසකට රු.100/- ක දායක මුදලක් ලබාදුන්නද එම දායකත්වයට වඩා වැඩි ප්‍රතිලාභයක් පහත සදහන් අයුරින් 2018 වර්ෂයේ ප්‍රජාවට හිමිකර දී ඇති බව පැහැදිළි වේ.
| විස්තරය | ප්‍රතිලාභී ගණන | මුදල රු. |
| උපත් ගෙවීම් | 167 |
1,252,500 |
| විවාහ | 1079 | 8,092,500 |
| රෝහල් ගාස්තු | 2404 | 6.671.000 |
| මරණ | 1990 |
29.850,000 |
|
සිප්දොර ශිෂ්‍යත්ව විශේෂ උපත් |
7515 |
11.272,500 |
|
(ප්‍රතිලාභී නිවුන්දරු හා ප්‍රතිලාභී නොවන නිවුන්දරු) |
105 |
4,105,000 |





