පටුන

  • බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිලිබද හැදින්වීම
  • ඇටඹ ඇල්ල
  • වලව්වත්ත වතුරාන
  • ඓතිහාසික පාහියංගල ලෙන
  • බේසම්වල

 

  1. බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය පිලිබද හැදින්වීම

map of bulathsinhala

බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයට අයත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැගෙනහිරින් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, උතුරින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, දකුණින් අගලවත්ත හා පාලින්දනුවර කොට්ඨාස වලටත්, බටහිරින් මතුගම හා මදුරාවල කොට්ඨාස වලටත් මායිම් වේ. වර්ගකිලෝමීටර් 211.6 හා ග්‍රාම නිලධාරී වසම් 54 සමන්විත වන බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ශ්‍රී ලංකාවේ විශාලතම ගල්ලෙන හා ප්‍රාග් ඓතිහාසික වශයෙන් වැදගත් පාහියන්ගල ලෙන හා ශ්‍රී ලංකාවේ ඉතිරිව පවතින එකම වගුරු වනාන්තරය වන වලව්වත්ත වතුරානද පිහිටා ඇත.  ස්වාභාවික ඇටඹ ඇල්ල හා ගිනිගෙදර ඇල්ලද පිහිටා ඇත. ස්වාභාවික නාන තටාකයක් වන  බේසම් වල පිහිටි පිහිටා ඇත. ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් රබලිය දේවාලයද පිහිටා ඇත.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම

 

 

  1. ඇටඹ ඇල්ල

Atamba ella  atamba ella

උඩුගලකන්ද ප්‍රදේශයේ ස්වාභාවික වශයෙන් ඉතා සුන්දර දිය දහරක්ව පිහිටි ඇටඹ ඇල්ල සංචාරක ආකර්ශණීය ස්ථානයකි. වාර්ෂිකව දේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන අතර ඔවුනට දිය නාමින් විනෝද වීමට හැකි වන ලෙස ස්වාභාවික නාන තටාකයකින්ද මෙම ඇල්ල සමන්විත වේ. දේශිය සංචාරකයන් අතර ප්‍රචලිත වුවත් විදේශිය සංචාරකයන් අතර තවමත් අප්‍රසිද්ධ ස්ථානයක් ලෙස පවතී.

ගමන් මාර්ගය

හොරණ සිට

හොරණ සිට කිලෝ මීටර් 18 ක් පමණ හොරණ මතුගම 285 බස් මාර්ගයේ පැමිණ ඈගල්ඔය හන්දියෙන් ඈගල්ඔය අයගම මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ පසු මෙම දිය ඇල්ල පිහිටි  ස්ථානය වෙත ලඟා විය හැක.

 

මතුගම සිට

මතුගම සිට හොරණ මතුගම 285 බස් මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණ ඈගල්ඔය හන්දියෙන් ඈගල්ඔය අයගම මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ පසු මෙම දිය ඇල්ල පිහිටි  ස්ථානය වෙත ලඟා විය හැක.

පිහිටීම

https://goo.gl/maps/WLHZySfUAVm3iPMa9

 

 

  1. වලව්වත්ත වතුරාන

valav vaththa vathurana valav vaththa vathurana

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලහිටිය ප්‍රදේශය තුළ පිහිටි වලව්වත්ත වතුරාන දැනට ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති සුවිශේෂී ලක්ෂණ සහිත එකම මිරිදිය වගුරු වනාන්තරය වේ. හෙක්ටයාර 6.2 සමන්විත වන මෙම වතුරාන  ඉහළ ජෛව විවිධත්වයකින් යුක්තය. ලෝකයේ හොර වැල් හා සුවඳ ශාක  විශේෂ ඇති එකම ස්ථානය මෙයයි. පර්යේෂණ සහ විද්‍යාත්මක අධ්‍යයන සඳහා  ඉතා වැදගත් මෙම ස්ථානය පාරිසරික පද්ධති පිලිබඳ අධ්‍යයනය කරන දේශිය විදේශීය පර්යේෂකයන් අතර ප්‍රචලිත කල හැකි ස්ථානයකි.තවමත් මෙම වතුරාන විදේශීය පර්යේෂකයන් අතර ප්‍රචලිත වී නැත.

 

ගමන් මාර්ගය

හොරණ සිට

හොරණ සිට කිලෝමීටර් 23 ක් පමණ හොරණ මතුගම 285 බස් මාර්ගයේ බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 04  පමණ ගමන් කළ පසු මෙම වතුරාන  පිහිටි  ස්ථානය වෙත ලඟා විය හැක.

 

මතුගම සිට

මතුගම සිට කිලෝමීටර් 22 ක් පමණ  හොරණ මතුගම 285 බස් මාර්ගයේ  බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 04  පමණ ගමන් කළ පසු මෙම වතුරාන  පිහිටි  ස්ථානය වෙත ලඟා විය හැක.

පිහිටීම

https://goo.gl/maps/tAmVTZ91UNsDgHiE9

 

 

 

 

 

 

  1. ඓතිහාසික පාහියංගල ලෙන

pahiyangala pahiyangala

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකටව ඇති පාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයක් වන අතර.ගංඟා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද වන විට නම් දරා ඇත.මෙය මානව පරිණාමයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ.

බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබේ. සමුද්‍ර මට්ටමින් අඩි 400ක් පමණ උසින් පිහිටි මෙම පාහියංගල ලෙනට යාම සඳහා ගල්පඩි 496ක් පසු කළ යුතුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ක් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282 ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශයෙහි මිනිසුන් 3000 කට පමණ රැස්වී සිටිය හැකියැයි විශ්වාස කරයි.‍ මේ අනුව බලන විට ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බැව් පැවසීම නිවැරදිය.

අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරා බිමෙහි ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම ඇත්තේ දැනට පිහිටා ඇති පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාගෙන ඇත. තවදුරටත් කරන පර්යේෂණ කටයුතු වලදී මෙම ගල්ලෙනෙහි වාසය කරන ලද ආදිවාසින් ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතාකර ඇති බව සොයා ගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් ද යුක්ත බැව් හමුවූ ගල් මෙවලම් තුළින් මැනවින් පසක් වෙනු ඇත. එලෙසම මෙම ලෙනෙහි විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට වසර දස දහස් ගණන් පැරණි,කැනීම් කටයුතු වලදී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.

හොරණ සිට

හොරණ සිට කිලෝමීටර් 23 ක් පමණ හොරණ මතුගම 285 බස් මාර්ගයේ බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 05  පමණ ගමන් කළ පසු මෙම ස්ථානය වෙත ලඟා විය හැක.

මතුගම සිට

මතුගම සිට කිලෝමීටර් 22 ක් පමණ  හොරණ මතුගම 285 බස් මාර්ගයේ  බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 05  පමණ ගමන් කළ පසු ස්ථානය වෙත ලඟා විය හැක.

පිහිටීම

 

https://www.google.com/maps/place/%E0%B6%B4%E0%

 

  1. ේසම්වල

besamvala besamvala

බුලත්සිංහල නිග්ගහ ප්‍රදේශයේ පිහිටි කුඩා දියපහරකින් පටන්ගෙන සුන්දර දිය පහරක්ව ගලායන අයුරින් සැදුම්ලත් මෙම බේසම්වල දෙස් විදෙස් සංචාරකයන්ට දිය නාමින් තම විනෝදවිය හැකි ආකාරයේ  ස්වාභාවික නාන තටාකයකින් පිහිටා ඇත.

හොරණ සිට

හොරණ සිට කිලෝමීටර් 23 ක් පමණ හොරණ මතුගම 285 බස් මාර්ගයේ බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 06  පමණ ගමන් කළ පසු මෙම ස්ථානය වෙත ලඟා විය හැක.

 

මතුගම සිට

මතුගම සිට කිලෝමීටර් 22 ක් පමණ  හොරණ මතුගම 285 බස් මාර්ගයේ  බුලත්සිංහල නගරයට පැමිණ ඉන් පසු  බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 06  පමණ ගමන් කළ පසු ස්ථානය වෙත ලඟා විය හැක.