පරවිතොට - ඉංගිරිය

paravithota

ඉංගිරිය ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශය තුල පිහිටා ඇති පරවිතොට ස්වාභාවික නාන ස්ථානයක් ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත. මැදකන්ද වනාන්තරයට මායිම්ව පිහිටා ඇති අතර  එක්දින චාරිකා සඳහා වඩාත් සුදුසු වේ. ගල් මතින් ගලා බසින කළුගඟේ කුඩා අතු ගංගාවක් මෙම ප්‍රදේශයේ දිය නෑමට සුදුසු නොගැඹුරු තටාක ගණනාවක් නිර්මාණය කරයි. අවට වනාන්තර ආවරණය නිසා මෙය බොහෝ දෙනෙකුට කදිම විනෝද චාරිකාවක් බවට පත්ව ඇත. සති අන්තයේදී  දේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ස්නානය කිරීම සදහා පැමිණෙයි. ඉංගිරිය නගරය පසුකර රත්නපුර දෙසට කිලෝමීටර 1.8ක් පමණ ගමන් කර වමට ඇති නම්බපාන පාසල් පාර ඔස්සේ ගමන්  කිරිමෙන් මෙම ස්ථානයට ලගා විය හැකිය. අවට වනාන්තර ආවරණය නිසා මෙය බොහෝ දෙනෙකුට කදිම විනෝද චාරිකාවක් බවට පත්ව ඇත.

 

නාච්චිමලේ ( මඩකඩ) ආරණ්‍යය සේනාසනය

nachchimale nachchimale

ඉංගිරිය ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශය තුල පිහිටා ඇති නාච්චිමලේ (මඩකඩ) ආරණ්‍යය සේනාසනයේ ආරම්භය ක්‍රි.ව 1940 දශකය දක්වා දිව යන අතර වර්තමානයේදී නේවාසික භාවනායොගී භික්ෂූන් වහන්සේලා සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් භාවනාවන් ප්‍රගුන කරනු ලබන අතර භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා ඇත. රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) මෙම ස්ථානයේ වටිනාකම ඉහල නන්වයි. දේශීය සංචාරකයන් ව්ශාල ප්‍රමාණයක් සතිඅන්ත දිනයන්හිදී මෙම ස්ථානය නැරබීමට පැමිණෙයි.

 

බෝධිනාගල ආරණ්‍ය සේනාසනය

bodinagala

ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන, බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී එම පාරේ සැතපුම් 1 ½ ගිය විට මෙම ආරණ්‍යය සේනාසනය හමු වේ. 1955 වසරේ නම්කළ දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම රමණීය පුද බිම ඉතාමත් සුන්දර පරිසරයක් තුළ පිහිටි ශාන්ත බිම් කඩකි.

මෙහි මනරම් වන පියස දකුණු හා ගිණිකොන දෙසින් සුන්දර වූ කළු ගංගාවට මායිම් වන අතර ඖෂධ පැල හා ප්‍රදේශයට ආවේණික පහතරට තෙත් කලාපීය ශාඛයන්ගෙන් සමන්විත වේ. මෙම ආරණ්‍යය සේනාසනය තුළ තැනින් තැන පිහිටි ලෙන් තුළ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25 පමණ වැඩ සිටින අතර උන්වහන්සේලා දානය පිළිගන්නා අවස්ථාවෙහි දී පමණක් කුටි වලින් පිටතට පැමිණ නැවත වන ගත කුටි වලට පිටත්ව යති.

ඉතාමත් ශාන්ත හා දැඩි ආරක්ෂිත භූමි ප්‍රදේශයක්  වන මෙම වනගත සේනාසනය නැරඹීමට දේශීය සංචාරකයන්  විශාල වශයෙන් පැමිණෙයි.